Yllix වලින් වැඩි ආදායමක් උපයා ගනිමු


      ඉතිං යාළුවනේ ඔන්න ගොඩදවක් තිබුණු නිහැඬියාව බිඳලා අද අළුත් Post එකක් අරගෙන ආවා. ඉතිං ගොඩක් යාළුවො Yllixවල Register වෙලා තිබුණා මම දැක්කා. ඉතිං දැන් ඔය ගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති කොච්චර විව්ස් තිබුණත් මගේ Yllix Acount එකට සල්ලි නම් එකතු වෙලා නෑ. මේකනම් කාලය නාස්තිවෙන වැඩක් කියලා. යාළුවනේ ඉවසන්න. සල්ලි හොයන්න ලේසි නෑ. ඒ වගේම අපිට නිකං සල්ලි ගෙවන්න සූදානම් නෑ යාළුවනේ.
මම ඔයාට පසුගිය ලිපියෙන් කිව්වා නේද අපේ site එක Yllix වල Active වුනත් මුදල් වැඩියෙන් හම්බකරන්න නම් ඒ Account එකේ අපේ Site එක Premium  වෙන්න ඕන කියලා. ඉතිං YlliX සමාගගම දැන් මේ ප්‍රීමියම් කියන වචනය වෙනුවට භාවිතා කරන්නේ Verified  කියන එක. ඉතිං අපි බලමු ඔයාගේ Web Site හෝ Blog එක Yllix තුල Verified  කොහොමද කියන කාරණය



ඉහල Image එකෙන් ඔයාලා දකින්න ඇති Premium කියන එක. නමුත් දැන් එහෙම පෙන්වන්නේ නැහැ. දැන් පෙන්වන්නේ මෙන්න මේ විදියට.

දැන් ඔයාලට ඒ ගැන අදහසක් එන්න ඇතිනේ නේද. ඉතිං මෙහි තියෙන විශේෂත්වය තමයි මේ Verified  කියන සයිට් හරහා ලැබෙන Click වලට Viewsවලට ගෙවීම් කිරීම Active නමින් ඇති Siteවලින් ලැබෙන Clicks, Viewsවලට සාපේක්ෂව වැඩි අගයක් ගැනීම.
ඉතිං කොහොමද අපි මේ ගිණුම Verified  කරගන්නේ කියන එක බලමු. ඒකට ලොකු දෙයක් කරන්න නැහැ. ඔයා ඔයාගේ Site එකේ Yllix  Ad දාලා තියෙනවා නම් ඒ දේ ඉබේටම සිද්ධ වෙනවා. ඉබේටම? ඒ කොහොමද?
ඒ මෙන්න මෙහෙමයි.

ඔයාලට පේනවා ඇති මෙතන Impressions කියලා තැනක්. අන්න එතන ගනන 5000 ට වැඩි වීමත් Conversions එක 1 ක් වී තිබීමත් ප්‍රමාණවත් වෙනවා. මේ සඳහා කළයුත්තේ ඔබේ Site එකට Ad දමා වැඩි පිරිසක් ගෙන්වා ගැනීමයි. මේ සඳහා භාවිතා කළ හැකි හොඳම ක්‍රමය Facebook Share කියලා තමයි මම නම් කියන්නේ.

මේ රිපෝට් එක බලන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. මුලින්ම YlliX ගිණුමෙ Sites කියන තැන Click කරන්න. ඊට පස්සේ මෙහෙම පෙනේවි.

මෙහි මම රතුපාටින්  ලකුණු කර 1 ලෙස නම් කර ඇති ස්ථානයේ ඇති Icon එකක් මත Click කරන්න.
ඉන්පසුව  ඔබව වෙනත් පිටුවක් වෙත රැගෙන යනු ඇත.

එහි 1 හා 2 පියවර නිවැරදිව අනුගමනය කළ විට ඔබට පහත ආකාරයේ Report එකක් ලැබේවි. ඉන් ඔබට අදහසක් ලබාගත හැකිය.


ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට තියෙන ගැටලු අපි පහල Comment Box එකෙන් කතා කරමු. යාළුවන්ටත් මේ ගැන කියන්න Share කරන්න. අපේ වැරදි තියෙන් නම් පෙන්වලා දෙන්න. අපි සමග රැදිලා ඉන්න ඔයාට ස්තූතියි.
මීලග ලිපියෙන් හමුවෙමු.
    4

Yllix වෙත ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීම හා Yllix ඇඩ් ඔබේ අඩවියේ දර්ශනය කරවීම

ආයුබෝවන්, ගොඩ දවසකින් අලුත් Post එකක් අරන් එන්නත් බැරි වුනා. ඉතිං ඔන්න මම අද අරගෙන ආවේ ඔයාගේ web site එක හෝ Blog Site එක Yllix web site එකට ඇතුලත් කරන හැටි හා Yllix Ad එකක් ඔයාගේ Web site එකට, එහෙමත් නැතිනම් Blog Site එකට Add එකක් දාන්නේ කොහොමද කියන කාරණා දෙක ගැන සාකච්චා කරන්න. ඔයාලා දන්න දෙයක් තමයි Google Adsense වල website / Blog  ඇතුලත් කරලා ටික දවසක් බලන් ඉන්න වෙනවා මේ සයිට් එක Adsense වල Approve වෙනකම්. එහෙමත් නැතිනම් Active වෙනකම්. ඉතින් Yllix වල ඒ වගේ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මේ දැන් Ad Code එක දැම්මනම් ඒ දැම්ම වෙලාවේ ඉඳලා ඔයාගේ web site / Blog එකේ Ad Preview වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ Web site / Blog එකත් Active කියලා පෙන්නනවා. ඒ විතරක් නෙවේ මේ දැන් මේ මොහොතේ ඒ කියන්නේ ඔයා Ad Code දාපු වෙලාවේ ඉඳන් ඔයාට මුදල් හොයන්න පුළුවන්.  ඉතින් අපි වැඩේ පටන් ගමු. මේ වැඩේ පටන් ගන්න කලින් ඔයා Yllix වල REGISTER වෙන්න ඕනෙ. අපි කලින් ඒ ගැන ලියුවා. මෙතන Click කරලා ඒක බලන්න.

ඉතින් එහෙනම් අපි බලමු කොහොම Yllix වලට Web/Blog Sites ඇතුලත් කරන්නේ AD දාන්නේ කියලා. මේක ඉතිං වැඩ දෙකක් කියලා හිතෙයි නෑ. එක වැඩයි. ඔයා AD Code එක දාපු ගමන් ඔයාගේ සයිට් එක ඉබේම Yllix එකට එකතුවෙලා Active වෙනවා. ඉතිං අපි බලමු කොහොමද Ad code එකක් දාගෙන්නේ කියලා.
මුලින්ම ඔයා, ඔයාගේ Yllix Account එකට Log වෙන්න. ඊට පස්සේ  Ad Tags කියන තැන ක්ලික් කරන්න.


ඊට පස්සේ පහත විදියට පෙනේවි.


මෙතනදි ඔයා MOBILE REDIRECT Ad Tag හෝ POPUP Ad Tag කියන ඒවා තමයි ගන්න ඕනෙ. මොකද වැඩිපුර ආදායමක් ගන්න ඕනෙ නම් ගන්න ඕනෙ මේ Ad තමයි.  MOBILE REDIRECT Ad Tag පෙන්නේ Phone වලට විතරයි. PopUp සයිට් එකට යන සෑම කෙනෙකුටම ලොකුවට දිස්වෙනවා.  ඉතිං මෙන්න මෙහෙමයි Ad Code එක Copy කරගන්නේ.

1.පළමුවෙන්ම ඔයා  MOBILE REDIRECT Ad Tag හෝ POPUP Ad Tag කියන දෙකෙන් එක තැනක Click කරන්න.
2.ඊට පස්සේ Website Type කියන තැන Non Adult කියන එක තෝරන්න. (ඔයාගේ වෙඩ් එක වැඩිහිටියන්ට පමණයි නම් Adult තේරුවට කමක් නෑ. ඒක ඉතිං මට අදාල නෑනේ)
3. ඊට පස්සේ Generate Ad Tag  කියන තැන Click කරන්න.
4. මීළඟට ඔයාට දැක ගන්න ලැබෙයි ඔයාගේ Ad කොඩ් එක. ඉතිං මේක ඔයාගේ  Web/blog සයිට් එකට ගිහින් past කරන්න.
අපි බලමු කොහොමද Blog එකකට මේ Adcode එකක් දාන්නේ කියලා.


ඔයාගේ Blog එකට ගිහින් Layout කියන තැන ක්ලික් කරන්න.


ඊට පස්සේ ඔයාට මෙහෙම පෙන්නේවි. ඊටපස්සේ මේ Add a Gadget කියන තැනක Click කරන්න. ඔයාට අලුත් Window එකක් Open වෙයි මෙන්න මේ වගේ.


එතන HTML/JavaScript කියන තැන Click කරන්න. ඊට පසුව ලැබෙන්නේ මෙන්න මේ වගේ තැනක් .


1. Copy කරගත් Ad code එක මෙතනට Past කරන්න.
2. Save කරන්න.

දැන් ඔයාගේ web/blog එක Preview කරලා බලන්න. ඔයාට Ad පෙනේවි. ඒ වගේම තමයි MOBILE REDIRECT Ad Tag ඔයාගේ පරිගණකයෙන් පෙන්නේ නැහැ කියලත් මතක තියා ගන්න.
දැන් ඔයා Yllix ගිණුමට ගිහින් Site කියන තැනට ගිහින් බලන්න පහළ වගේ දිස්වේවි.


ඔයා නිවැරදි පියවර අනුව Adcode දැම්මානම් ඔයාගේ Site එක පහළ වගේ Active කියලා ඇති.

Yllix  වැඩි ආදායමක් හොයන හැටිත් yX PREMIUM Site කියන්නෙ මොකද්ද කියන විස්තරත් අරගෙන ආයෙත් එන්නම්. ගැටලු පහළ Comment වලින් කතාකරමු.
    0

YlliX ගිණුමක් නිවැරදිව හදාගමු


සුභ දවසක් හැමෝටම. ඉතිං ඔන්න අද අරගෙන ආවා කොහොමද මේ YlliX ගිණුම හදන්නේ කියලා. ඉතිං ඔයාට මුලින්ම කියන්න ඕනේ YlliX  ගිණුම හදන්න කලින් ඔයාට E-Mail ලිපිනයක් සහ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක්. ඒ වගේම තමයි මෙහි ඇති සියලු පිටු හොඳින් කියවලා ඉන්න. ඒ වගේම තමයි මම කියලා දෙන විදියට පියවරෙන් පියවර නිවැරදිව ඔයා, ඔයාගේ ගිණුම හදාගන්න ඕනෙ. ඒවගේම තමා ඔයා ප්‍රචාරක (Advertiser) ගිණුමක්ද ප්‍රකාශක (Publisher) ගිණුමක්ද හදන්නේ කියන එක. මොකද ඔය දෙක වරද්දගෙන කියන්න එපා අන්තිමට මේකෙන් සල්ලි හොයන්න බෑ කියලා. ඉතින් ප්‍රකාශකයින් ඒ කියන්නේ බ්ලොග් කරන අය Publisher ගිණුමකත්  ප්‍රචාරකයින් ඒ කියන්නේ තමන්ගේ දැන්වීමක්, තමන්ගෙ වෙළෙඳ ව්‍යාපාරයක් ප්‍රචාරණය කරගන්න බලාපොරොත්තු වෙන අය Advertiser ගිණුමකත් ලියාපදිංචි වෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
මුලින්ම  පහළ තියෙන බැනර් කිල්ක් කරලා ලියාපදිංචි වෙන්න.

ප්‍රකාශකයින් සඳහා (Publisher)
Monetize your website traffic with yX Media


ප්‍රචාරකයින් සඳහා (Advertiser)
Advertising that works - yX Media

හරි ඊට පස්සේ ඔයාව එක්කන් යන්නේ මෙන්න පහත ආකාරයේ වෙබ් පිටුවකට.ඉන් පසු ඔබට පහත ආකාරයෙන් වෙබ් පිටුව දර්ශනය වේවි. අපි බලමු මුලින්ම ප්‍රකාෂකයෙකු (Publisher) කෙනෙකු ලෙස ලියාපදිංචි වන ආකාරය පිළිබඳව. ඔබ පහත 1 යන ඉලක්කමෙන් නම් කර ඇති ස්ථානයේ ක්ලික් කරන්න.


ඉන් පසුව ඔබට පහත ආකාරයෙන් වෙබ් පිටුවක් දර්ශනය වේවි. ඔබ එහි  අංක 1 දර්ශනය වන තැන ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව Mr/Mrs තෝරා අංක 2 ස්තානයට ඔබේ නමේ මුල් කොටසත් අංක 3 ස්ථානයට ඔබේ නමේ දෙවන කොටසත් අංක 4න් නම් කර ඇති ස්ථානයට ඔබේ E-Mail ලිපිනයත් ඇතුලත් කරන්න.  සියල්ල එසේ නිවැරදිව ඇතුලත් කරගත් පසු ඔබ අංක 5 යන ස්ථානයේ ක්ලික් කරන්න.


එසේ ක්ලික් කළ පසු ඔබට පහත ආකාරයෙන් දිස්වන කවුලුවක් විවෘත වේවි. ඉන්පසු ඔබ ඔබේ E-Mail ලිපිනය වෙත යන්න.



E-Mailගිණුම වෙත පිවිසිය පසු පහත පදිරි YlliXවෙතින් ඔබට ලැබුණු පණිවිඩය අංක 1 රූපයේ පරිදි දිස්වේවි. එය විවෘත කළ පසු පහත රූපයේ  අංක 2 රූපයේ ඇති ලෙස ඔබේ ගිණුමේ විස්තර දැක ගන්නට ලැබේවි. එහි Activation Link යන්න මත ඇති ලිපිනය මත ක්ලික් කරන්න.


ඉන් පසු ඔබට ලැබෙන්නේ මේ ආකාරයේ වින්ඩෝවකි. එහි ඔබ අංක 1 ස්ථානයේ හරි ලකුණ යොදා 2 ස්ථානය ක්ලික් කරන්න.


ඉන්පසු ලැබෙන්නේ මේ ආකාරයේ කවුළුවකි. එම පෝරමය මේ ආකාරයෙන් පුරවන්න.


එය පුරවා Continue යන්න මත ක්ලික් කරන්න. එවිට පහත ආකාරයෙන් කවුළුවක් පෙනේවි.


එයත් නිවැරදිව පුරවා Continue කළ විට පෙනෙන්නේ පහත ආකාරයේ කවුළුවකි.ඒ පෙනෙන්නේ ඔබ මුදල් ලබාගත යුතු ආකාරයයි. මම තෝරන්නේ Ez කෑෂ් ක්‍රමය. ඔබ ඔබේ මුදල් ලබාගන්නා ආකාරය තෝරා Continue කරන්න.


ඉන් පසු පහත ආකාරයෙන් ඔබේ ගිණුමට අදාල තොරතුරු පුරවා නැවතත් Continue කරන්න.



ඉන්පසු මෙසේ දිස්වේවි. Close යන්න මත ක්ලික් කරන්න. 

දැන් ඔබ සාර්ථකව ඔබේ YlliX ගිණුම සාදා අවසන්.YlliX ප්‍රචාරක ගිණුමත් සාදාගන්නේ මේ ආකාරයෙන්ම තමයි.ඒ පිළිබඳ ඉදිරියේදී දැනුවත් කරනවා. කලබල වෙන්න එපා. බ්ලොග් අඩවියක් ඇතුලත් කර මුදල් හොයන්නේ කොහොමද කියන මම ඔයාලට මීලඟ ලිපියෙන් කියලා දෙනවා. රැඳී සිටින්න අපිත් එක්ක. අපි හැමෝම එකට ගමන යමු. ඔයාලගෙ ගැටලු සහ අදහස් පහළ Comment Box එකෙන් කතා කරමු. සුබ දවසක්.
    0

Yllix කියන්නේ මොකක්ද?

   
    ඔබට ඔබේම ව්‍යාපාරයක් හිමිනම් ඔබේ දැන්වීම් ප්‍රචාරණය කරවා ගැනීමටත් ඉන් ඉහල ප්‍රතිඵල ලබා ගැනීමටත් හැකිය. එමෙන්ම ඔබට ඔබේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් හිමිනම් ඔබට ඒ මගිනa YlliX දැන්වීම් ප්‍රචාරණය කර ඉහළ ආදායමක් ඔබ වෙත ළඟා කරගත හැකිය.

   වෙනත් සේවාවන් මෙන් නොව Yllix හි සේවාව අති විශිෂ්ඨ බව අප නොපැකිලිව දන්වා සිටින්නේ ඉතා සතුටිනි. මන්දයත් ඔවුන්ගේ මුදල් ගෙවීම් ක්‍රම ඉතා ඉක්මන් බැවිනි. විශේෂත්වයක් වන්නේ ඔවුන් ඔබට දිනපතා මුදල් ගෙවීම් සිදුකරන බැවිනි. එමෙන්ම ඔවුන්ට වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වල අන්තර්ගත භාෂාව පිළිබඳ ගැටලුවක් ද පරිශීලකයන්ගේ රට පිළිබඳවද ගැටලුවක් නොවේ. කුමන භාෂාවක් වූවද කුමන රටක් වූවද ඔවුන්ගේ සේවාව කඩිනමින් සලසා දීමට ඔවුන් සූදානම්ව සිටී.
වැඩිදුර තොරතුරු සඳහා ප්‍රකාශකයන් (PUBLISHER) ප්‍රචාරකයන් (ADVERTISERS) යන පිටු බලන්න.
ඔබට ජය.

    1
© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.