Yllix වෙත ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීම හා Yllix ඇඩ් ඔබේ අඩවියේ දර්ශනය කරවීම

    0

ආයුබෝවන්, ගොඩ දවසකින් අලුත් Post එකක් අරන් එන්නත් බැරි වුනා. ඉතිං ඔන්න මම අද අරගෙන ආවේ ඔයාගේ web site එක හෝ Blog Site එක Yllix web site එකට ඇතුලත් කරන හැටි හා Yllix Ad එකක් ඔයාගේ Web site එකට, එහෙමත් නැතිනම් Blog Site එකට Add එකක් දාන්නේ කොහොමද කියන කාරණා දෙක ගැන සාකච්චා කරන්න. ඔයාලා දන්න දෙයක් තමයි Google Adsense වල website / Blog  ඇතුලත් කරලා ටික දවසක් බලන් ඉන්න වෙනවා මේ සයිට් එක Adsense වල Approve වෙනකම්. එහෙමත් නැතිනම් Active වෙනකම්. ඉතින් Yllix වල ඒ වගේ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මේ දැන් Ad Code එක දැම්මනම් ඒ දැම්ම වෙලාවේ ඉඳලා ඔයාගේ web site / Blog එකේ Ad Preview වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ Web site / Blog එකත් Active කියලා පෙන්නනවා. ඒ විතරක් නෙවේ මේ දැන් මේ මොහොතේ ඒ කියන්නේ ඔයා Ad Code දාපු වෙලාවේ ඉඳන් ඔයාට මුදල් හොයන්න පුළුවන්.  ඉතින් අපි වැඩේ පටන් ගමු. මේ වැඩේ පටන් ගන්න කලින් ඔයා Yllix වල REGISTER වෙන්න ඕනෙ. අපි කලින් ඒ ගැන ලියුවා. මෙතන Click කරලා ඒක බලන්න.

ඉතින් එහෙනම් අපි බලමු කොහොම Yllix වලට Web/Blog Sites ඇතුලත් කරන්නේ AD දාන්නේ කියලා. මේක ඉතිං වැඩ දෙකක් කියලා හිතෙයි නෑ. එක වැඩයි. ඔයා AD Code එක දාපු ගමන් ඔයාගේ සයිට් එක ඉබේම Yllix එකට එකතුවෙලා Active වෙනවා. ඉතිං අපි බලමු කොහොමද Ad code එකක් දාගෙන්නේ කියලා.
මුලින්ම ඔයා, ඔයාගේ Yllix Account එකට Log වෙන්න. ඊට පස්සේ  Ad Tags කියන තැන ක්ලික් කරන්න.


ඊට පස්සේ පහත විදියට පෙනේවි.


මෙතනදි ඔයා MOBILE REDIRECT Ad Tag හෝ POPUP Ad Tag කියන ඒවා තමයි ගන්න ඕනෙ. මොකද වැඩිපුර ආදායමක් ගන්න ඕනෙ නම් ගන්න ඕනෙ මේ Ad තමයි.  MOBILE REDIRECT Ad Tag පෙන්නේ Phone වලට විතරයි. PopUp සයිට් එකට යන සෑම කෙනෙකුටම ලොකුවට දිස්වෙනවා.  ඉතිං මෙන්න මෙහෙමයි Ad Code එක Copy කරගන්නේ.

1.පළමුවෙන්ම ඔයා  MOBILE REDIRECT Ad Tag හෝ POPUP Ad Tag කියන දෙකෙන් එක තැනක Click කරන්න.
2.ඊට පස්සේ Website Type කියන තැන Non Adult කියන එක තෝරන්න. (ඔයාගේ වෙඩ් එක වැඩිහිටියන්ට පමණයි නම් Adult තේරුවට කමක් නෑ. ඒක ඉතිං මට අදාල නෑනේ)
3. ඊට පස්සේ Generate Ad Tag  කියන තැන Click කරන්න.
4. මීළඟට ඔයාට දැක ගන්න ලැබෙයි ඔයාගේ Ad කොඩ් එක. ඉතිං මේක ඔයාගේ  Web/blog සයිට් එකට ගිහින් past කරන්න.
අපි බලමු කොහොමද Blog එකකට මේ Adcode එකක් දාන්නේ කියලා.


ඔයාගේ Blog එකට ගිහින් Layout කියන තැන ක්ලික් කරන්න.


ඊට පස්සේ ඔයාට මෙහෙම පෙන්නේවි. ඊටපස්සේ මේ Add a Gadget කියන තැනක Click කරන්න. ඔයාට අලුත් Window එකක් Open වෙයි මෙන්න මේ වගේ.


එතන HTML/JavaScript කියන තැන Click කරන්න. ඊට පසුව ලැබෙන්නේ මෙන්න මේ වගේ තැනක් .


1. Copy කරගත් Ad code එක මෙතනට Past කරන්න.
2. Save කරන්න.

දැන් ඔයාගේ web/blog එක Preview කරලා බලන්න. ඔයාට Ad පෙනේවි. ඒ වගේම තමයි MOBILE REDIRECT Ad Tag ඔයාගේ පරිගණකයෙන් පෙන්නේ නැහැ කියලත් මතක තියා ගන්න.
දැන් ඔයා Yllix ගිණුමට ගිහින් Site කියන තැනට ගිහින් බලන්න පහළ වගේ දිස්වේවි.


ඔයා නිවැරදි පියවර අනුව Adcode දැම්මානම් ඔයාගේ Site එක පහළ වගේ Active කියලා ඇති.

Yllix  වැඩි ආදායමක් හොයන හැටිත් yX PREMIUM Site කියන්නෙ මොකද්ද කියන විස්තරත් අරගෙන ආයෙත් එන්නම්. ගැටලු පහළ Comment වලින් කතාකරමු.

No comments:
Write comments

© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.