දැන්වීම් වර්ග

සම්භාව්‍ය බැනර දැන්වීම්  
සම්භාව්‍ය බැනර දැන්වීම් යනු වාඩාත් වැඩි වශයෙන්ම යොදාගන්න ප්‍රචාරක විධියයි. Iframe සහ JavaScript යන දෙවර්ගයේම දැන්වීම් සම්බන්ධක ylliX ඔබට ලබාදෙන අතර, ඒ අතුරින් JavaScript දැන්වීම් සම්බන්ධක ylliX ඔබට දැඩිව නිර්දේශ කරයි.සම්භාව්‍ය බැනර දැන්වීම්, පෙළ දැන්වීම්, නිශ්චල ඡායාරූප දැන්වීම්, චංචල ඡායාරූප දැන්වීම්, වීඩියෝ දැන්වීම්, flash දැන්වීම්, මෙන්ම පිටස්තර තෙවන පාර්ශවීය දැන්වීම් වැනි විවිධ ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ylliXගේ දැන්වීම් හවුල්කරුවන් විසින් යොදා ගනී.

ප්‍රතිලාභ:
- සෑම රටකටම සහ සෑම උපාංගයකටම මුළුමනින්ම පාහේ 100% ක ඉල්ලුම් සැපයුම් අගය
- වැඩි CPM ක්‍රියාමාලා
- වැඩි ඉපයීම්

අවාසි:
- HTTPs දැන්වීම් සම්බන්ධක නැත
- පොප්-අප්, ස්වයංක්‍රීය-නාද වැනි අනවශ්‍ය කරදරකාරී අන්තර්ගතයන් තිබිය හැක









ආරක්ෂාකාරී බැනර දැන්වීම් 
ආරක්ෂාකාරී බැනර දැන්වීම් යනු, ylliX හි සම්භාවයබැනර දැන්වීම් වර්ගයට සමාන ප්‍රචාරක දැන්වීම් වර්ගයකි. Iframe සහ JavaScript යන දැන්වීම් සම්බන්ධක වර්ග දෙක සඳහාම ylliX සහය දක්වයි. (JavaScript දැන්වීම් සම්බන්ධක දැඩිව නිර්දේශ කර ඇත). ආරක්ෂාකාරී බැනර දැන්වීම්, පෙළ දැන්වීම්, නිශ්චල ඡායාරූප දැන්වීම්, චංචල ඡායාරූප දැන්වීම්, වීඩියෝ දැන්වීම්, flash දැන්වීම්, මෙන්ම පිටස්තර තෙවන පාර්ශවීය දැන්වීම් වැනි විවිධ ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ylliXගේ දැන්වීම් හවුල්කරුවන් විසින් යොදා ගනී. සම්භාව්‍ය බැනර දැන්වීම් මෙන් නොව, සියලු තෙවන පාර්ශවීය දැන්වීම් දෛනිකව හස්තීයව ස්ථීර කරන අතර නිරීක්ෂණය කරයි. එමගින් පොප්-අප් සහ යොමුකිරීම් වැනි හානිකර කොටස් වලක්වා ගත හැක.

ප්‍රතිලාභ:
- සෑම රටකටම සහ සෑම උපාංගයකටම මුළුමනින්ම පාහේ 100% ක ඉල්ලුම් සැපයුම් අගය
- සෑම තෙවන පාර්ශවීය දැන්වීමක්ම දෛනික පදනමක් මත නිරීක්ෂණය කරයි
-හානිකර අන්තර්ගතයන් වලින් සිදුවිය හැකි හානි පිලිබඳ අවදානම අඩුය

අවාසි:
- පොප්-අප් සහ ස්වයංක්‍රීය-නාද වැනි අනවශ්‍ය අන්තර්ගතයන් සඳහා අඩු ශක්‍යතාව
- සම්භාව්‍ය බැනර දැන්වීම් වලට වඩා අඩු CPM ක්‍රියාමාලා
- අඩු CTR අගයක් සහ අඩු ආවර්තන අගයක් සහිත වෙබ් අඩවි නිසා අඩු ඉපයීම්
ආරක්ෂාකාරී HTTPS බැනර දැන්වීම් 
ආරක්ෂාකාරී HTTPs බැනර දැන්වීම් යනු, ylliX හි ආරක්ෂාකාරී බැනර දැන්වීම් වලට සමාන ප්‍රචාරක විධියකි. Iframe සහ JavaScript යන දැන්වීම් සම්බන්ධක වර්ග දෙක සඳහාම ylliX සහය දක්වයි (JavaScript දැන්වීම් සම්බන්ධක දැඩි වශයෙන් නිර්දේශ කර ඇත.). ආරක්ෂාකාරී HTTPs බැනර දැන්වීම්, පෙළ දැන්වීම්, නිශ්චල ඡායාරූප දැන්වීම්, චංචල ඡායාරූප දැන්වීම්, වීඩියෝ දැන්වීම්, flash දැන්වීම්, මෙන්ම පිටස්තර තෙවන පාර්ශවීය දැන්වීම් වැනි විවිධ ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ylliXගේ දැන්වීම් හවුල්කරුවන් විසින් යොදා ගනී. සියලු තෙවන පාර්ශවීය දැන්වීම් දෛනිකව හස්තීයව ස්ථීර කරන අතර නිරීක්ෂණය කරයි. එමගින් පොප්-අප් සහ යොමුකිරීම් වැනි හානිකර කොටස් වලක්වා ගත හැක.

ප්‍රතිලාභ:
- බොහෝ රටවල වැඩි ඉල්ලුම් සැපයුම් සමපාත අගයක් ඇත
- සෑම තෙවන පාර්ශවීය දැන්වීමක්ම දෛනික පදනමක් මත නිරීක්ෂණය කරයි
-හානිකර අන්තර්ගතයන් වලින් සිදුවිය හැකි හානි පිලිබඳ අවදානම අඩුය
- HTTPs දැන්වීම් සම්බන්ධක

අවාසි:
- ylliXහි සම්භාව්‍ය බැනර දැන්වීම්වලට සාපේක්ෂව අඩු CPM දැන්වීම්
- අඩු CTR අගයක් සහ අඩු ආවර්තන අගයක් සහිත වෙබ් අඩවි නිසා අඩු ඉපයීම්

යෙදුම්ගත බැනර දැන්වීම්  
යෙදුම්ගත බැනර දැන්වීම් යනු, යෙදුම්ගත් පරිශීලකයන් සඳහා (iOS සහ Android යෙදුම් පරිශීලකයන් සඳහා) නිර්මාණය කර ඇති සම්භාව්‍ය Iframe / JavaScript බැනර දැන්වීම්ය. ප්‍රකාශකයන්ට ylliXහි යෙදුම්ගත බැනර දැන්වීම් ඔවුන්ගේ iOS / Android යෙදුම්වලට ඔවුන්ට අවශ්‍ය පරිදි ඇතුලත් කරගැනීමට අවසර ලබාදී ඇත. යෙදුම්ගත බැනර දැන්වීම්, පෙළ දැන්වීම්, ඡායාරූප දැන්වීම්,වීඩියෝ දැන්වීම්, මෙන්ම පිටස්තර තෙවන පාර්ශවීය දැන්වීම් වැනි විවිධ ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ylliXගේ දැන්වීම් හවුල්කරුවන් විසින් යොදා ගනී.

දැන්වීම් සම්බන්ධකය නිර්මාණය කරන අවස්තාවේදී, ඔබට අවශ්‍ය "සම්භාව්‍ය" දැන්වීම් වර්ගයද,(වැඩි CPM දැන්වීම්, පොප්-අප් වැනි අනවශ්‍ය අන්තර්ගත සඳහා වැඩි වැඩි අවස්ථා.)"ආරක්ෂාකාරී" දැන්වීම් වර්ගයද, (අඩු CPM දැන්වීම්, ආරක්ෂාකාරී දැන්වීම්) නැතහොත්,"HTTPs" දැන්වීම් වර්ගයද, (ආරක්ෂාකාරී දැන්වීම්, https ප්‍රොටෝකෝලය, අඩු CTR/CR පරිශීලනය නිසා අඩු ඉපයීම්) යන්න තෝරාගත හැක.

යෙදුම්ගත බැනර දැන්වීම්, iOS සහ Android සඳහා නිර්මාණය කර පරීක්ෂා කොට ඇත. මෙම වර්ගයේ දැන්වීම් වෙනත් වේදිකාවල ක්‍රියාත්මක වීමටද ඉඩ ඇති අතර, ඒ බව සහතික කර නැත.

ජංගම යොමුකිරීමේ දැන්වීම්  
ජංගම යොමුකිරීමේ දැන්වීම්යනු, වර්තමානයේ වැඩිම කාර්යක්ෂමතාවක් සහිත දැන්වීම් වර්ගයයි. 100%ක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය සහ, ටැබ්ලට් පරිගණක ඇතුළු සියලු ජංගම උපාංග ආවරණය නිසා, ylliX හි ජංගම යොමුකිරීමේ දැන්වීම් මහින් ඔබට අසාමාන්‍ය ප්‍රතිපලයක් ලඟා කරගත හැක.

ජංගම යොමුකිරීමේ දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ පිහිටවීමෙන් අනතුරුව, ඔබගේ වෙබ් අඩවියට ජංගම උපාංග හරහා පැමිණෙන සියලුම අමුත්තන් ස්වංක්‍රීයවම වෙළඳ දැන්වීම වෙත යොමු වනු ඇත.

ජංගම යොමුකිරීමේ දැන්වීම් යනු, ජංගම උපාංග සඳහා විශේෂයෙන් සකසා නොමැති වෙබ් අඩවි සඳහා හොඳම තේරීමයි.

රූටන දැන්වීම්  
රූටන දැන්වීම් යනු, ඔබගේ වෙබ් අඩවියේ සෑම මොහොතකම (අමුත්තා එය වසා දමන තෙක්) දිස් වන දැන්වීම් වර්ගයකි.රූටන දැන්වීම්, පෙළ දැන්වීම්, ඡායාරූප දැන්වීම්,වීඩියෝ දැන්වීම්, මෙන්ම පිටස්තර තෙවන පාර්ශවීය දැන්වීම් වැනි විවිධ ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ylliXගේ දැන්වීම් හවුල්කරුවන් විසින් යොදා ගනී.

දැන්වීම් සම්බන්ධකය නිර්මාණය කරන අවස්තාවේදී, ඔබට අවශ්‍ය "සම්භාව්‍ය" දැන්වීම් වර්ගයද,(වැඩි CPM දැන්වීම්, පොප්-අප් වැනි අනවශ්‍ය අන්තර්ගත සඳහා වැඩි වැඩි අවස්ථා.)"ආරක්ෂාකාරී" දැන්වීම් වර්ගයද, (අඩු CPM දැන්වීම්, ආරක්ෂාකාරී දැන්වීම්) නැතහොත්,"HTTPs" දැන්වීම් වර්ගයද, (ආරක්ෂාකාරී දැන්වීම්, https ප්‍රොටෝකෝලය, අඩු CTR/CR පරිශීලනය නිසා අඩු ඉපයීම්) යන්න තෝරාගත හැක.


"පොප්-අප්" දැන්වීම් 
පොප්-අප් දැන්වීම් යනු, ඕනෑම වර්ගයක වෙබ් අඩවියක් සඳහා වඩාත් ගැලපෙන, වැඩි වශයෙන් භාවිතා වන දැන්වීම් වර්ගයකි. ylliXගේ පොප්-අප් දැන්වීම් සඳහා 100% ඉල්ලුම් සැපයුම් සමපාත අගයක් ඇති අතර, ylliX පරිගනකගත සහ ජංගමගත (ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක) පරිශීලකයන් මගින් මුදල් උපයයි.

පොප්-අප් දැන්වීම් යනු, ඔබ පිවිසී ඇති වෙබ් අඩවිය මත, වෙබ් ගවේශකයේ වෙනත් වින්ඩෝවක දිස් වන දැන්වීම් වර්ගයකි. මෙම දැන්වීම්, ඔබ පිවිසුණු වෙබ් අඩවියේ ඕනෑම ස්ථානයක් මත ක්ලික් කල විගසින් දර්ශනය වේ.


පටල දැන්වීම්  
පටල දැන්වීම් යනු, පොප්-අප් දැන්වීම් හා සමාන, එහෙත් චණ්ඩ බවින් අඩු දැන්වීම් වර්ගයකි. පටල දැන්වීම් ඔබ පිවිසෙන වෙබ් අඩවියට ඉහලින් වින්ඩෝවක ප්‍රදර්ශනය වේ. අමුත්තාට "X" බොත්තම මත ක්ලික් කර පටල දැන්වීම වසා දමා අවශ්‍ය වෙබ් අඩවිය වෙත යොමු වීමට හැක.


සෘජු සබැදිය  
සෘජු සබැඳිය යනු, ඔබගේ වෙබ් අඩවියේ අමුත්තන් සෘජුවම ප්‍රචාරකයාගේ වෙබ් අඩවිය වෙත යොමු කරන සබැඳියකි. ඔබට සෘජු සබැඳිය ඔබගේ බැනර සමග හෝ ඔබගේ පොප්-අප්/යටත් කොටස්කාරය සමග භාවිත කිරීමට හැක.


දැන්වීම් සඳහා උදාහරණ බලා ගැනීමට මෙහි ක්ලික් කරන්න

© 2014 Yllix.com/Sinhala. Designed by Bloggertheme9 | Distributed By Gooyaabi Templates
Powered by Blogger.